top of page
< Back

දේවගැති ප්‍රසන්න – වත්තල ගුඩ් නිව්ස් ෆෙලෝශිප් සභාව

ජූනි 8, 2017 | නවතම ප්රවෘත්ති

දේවගැති ප්‍රසන්න ගේ වත්තල ගුඩ් නිව්ස් ෆෙලෝශිප් සභාවේ පෙර පාසැල සඳහා ගොඩනැගිල්ලක් ඉදිකරමින් සිටින අතරතුර වෙනත් ආගමික නායකයින් පිරිසක් පොලීසියත් සමග පැමිණ එය වහාම නවත්වන ලෙස

දේවගැති ප්‍රසන්න – වත්තල ගුඩ් නිව්ස් ෆෙලෝශිප් සභාව

දේවගැති ප්‍රසන්න ගේ වත්තල ගුඩ් නිව්ස් ෆෙලෝශිප් සභාවේ පෙර පාසැල සඳහා ගොඩනැගිල්ලක් ඉදිකරමින් සිටින අතරතුර වෙනත් ආගමික නායකයින් පිරිසක් පොලීසියත් සමග පැමිණ එය වහාම නවත්වන ලෙස බල කර තිබෙනවා. ඊට කිසිම හේතුවක් ඉදිරිපත් කර නොතිබුණි. දේවගැති ප්‍රසන්න මේ පිළිබඳව ADC ජෙනරල් ඔව්ර්සියර්ලා දැනුවත් කල පසු ඔවුන් පසුවදා ADC නිකායේ නීතිඥ මහතා හමුවී උපදෙස් ලබාගෙන තිබෙනවා.ඉන්පසු ඔවුන් ගම්පහ පොලිසියේ CRIME DIVISION SP තුමා හමුවී මේ ගැන කතා කල පසු එතුමා ඉතා උනන්දු වී වහාම වත්තල පොලිසියට කතා කර තිබෙනවා. ඔහු දන්වා ඇත්තේ මේ ගැටලුව සාධාරණව සොයාබලා විසදන ලෙසයි.

ඉන්පසු වත්තල පොලිසිය ඒ අනුව කටයුතු කර එම ප්‍රශ්නය සමතයකට පත් කර එම ගොඩනැගිල්ලේ කටයුතු ඉදිරියට කරගෙන යාමට අවසර දී තිබෙනවා. ADC නිකාය මෙම රජයේ නිලධාරීන් දැක්වූ සහයෝගය ඉතා අගය කරනවා.

bottom of page