top of page
< Back

වර්ඩ්ස් ටු හියර් - 2017 අගෝස්තු 09 වැනි දින “ද ඩේලි නිව්ස් ”

2017 අගෝස්තු 9 | නවතම ප්රවෘත්ති

ලංකා අපෝස්තලික නිකායෙහි (ADC) ප්‍රධාන නියාමක, ගරු ආචාර්ය කර්බි ද ලැනරෝල් දේවගැතිතුමා විසඳුම මත පදනම් වූ සේවයක් පිළිබඳව විශ්වාස කරන දෙවියන්ගේ මිනිසෙකි. සංඝරාජ විහාරස්ථානයේ පූජ්‍ය කොළොන්නාවේ නාරද හිමියන් සමඟ සබඳතාවක් ඇති කර ගැනීමට ඔහු පොළඹවා ඇත්තේ ඔහුගේ මෙම දැක්මයි. ඔවුන්ගේ ඉලක්කය සරලය - මරදානේ අඩු වරප්‍රසාද ලත් දරුවන්ට වඩා හොඳ ජීවිතයක් අපේක්ෂා කිරීමට සහය වීම එම ඉලක්කයයි...

වර්ඩ්ස් ටු හියර් - 2017 අගෝස්තු 09 වැනි දින “ද ඩේලි නිව්ස් ”

ලංකා අපෝස්තලික නිකායෙහි (ADC) ප්‍රධාන නියාමක, ගරු ආචාර්ය කර්බි ද ලැනරෝල් දේවගැතිතුමා විසඳුම මත පදනම් වූ සේවයක් පිළිබඳව විශ්වාස කරන දෙවියන්ගේ මිනිසෙකි. සංඝරාජ විහාරස්ථානයේ පූජ්‍ය කොළොන්නාවේ නාරද හිමියන් සමඟ සබඳතාවක් ඇති කර ගැනීමට ඔහු පොළඹවා ඇත්තේ ඔහුගේ මෙම දැක්මයි. ඔවුන්ගේ ඉලක්කය සරලය - මරදානේ අඩු වරප්‍රසාද ලත් දරුවන්ට වඩා හොඳ ජීවිතයක් අපේක්ෂා කිරීමට සහය වීම එම ඉලක්කයයි. සමාජයේ අප දකින දුක් වේදනාවන්ට ප්‍රධානතම හේතුව වනුයේ දරිද්‍රතාවයයි. ඩේලි නිව්ස් අප කර්බි ද ලැනරෝල් දේවගැතිතුමා සහ පූජ්‍ය කොළොන්නාවේ නාරද හිමියන් වෙත ගොස් මෙම දරුවන්ට උපකාර කිරීමට සඳහා වන ඔවුන්ගේ මෙහෙවර සහ ඔවුන්ගේ සැලසුම් පිළිබඳව දැනුවත් විය.

ද ලැනරෝල් දේවගැතිතුමාගේ අරමුණ පැහැදිලිය. එය තනිකරම සමඟි සම්පන්නය. ඔහුට හැඟෙන පරිදි, බහු ආගමික සහ බහු වාර්ගික සමාජයක් තුළ කිතුනු සභාවන්ට තම කාර්යභාරය ඉටු කළ හැක්කේ කෙසේද සහ විසඳුමක් වන්නේ කෙසේද යන්න ශ්‍රී ලාංකේය සමාජය දෙස බලා තේරුම් ගත යුතුම කාලය මෙයයි. ජේසුස් වහන්සේ තම දේවසේවයේ දී කිතුනු සභාවක් පිහිටු විය යුතු ආකාරය ගැන තම අනුගාමිකයන්ට පැහැදිලිව උපදෙස් දෙන ලද්දේය. මතෙව් 10:14හි ජේසුස් වහන්සේ පවසන්නේ “යමෙක් ඔබව පිළිගන්නේ නැතිනම් ඔබේ වචනවලට සවන් නොදෙන්නේ නම්, එම නිවහන හෝ නගරය හැර ගොස් ඔබේ පාදවල දූවිලි ගසා දමන්න.” ඔවුන් ඔබව සාදරයෙන් පිළිගන්නේ නම් රැඳී සිටිය හැක, නමුත් ඔවුන් ඔබව පිළිගන්නේ නැත්නම් ඔබ පිටව යා යුතුය.

සුළුතර වරප්‍රසාද
“පළමු අවබෝධය නම් ජේසුස් වහන්සේ ලෝකයට පැමිණි විට ඔහුගේ භූමිකාව පරිවර්තනය පදනම් කරගත් සේවයක් නොවන බවයි. එය විසඳුම් පදනම් කරගත් සේවයක් විය. කිතුනුවෙකු එම ප්‍රදේශයට (ගමක්, නගරයක් හෝ ජාතියක්) විසඳුමක් විය යුතුය. නිදහස් සභාවන් 500ක් ඇති ශ්‍රී ලංකා අපොස්තලික නිකායෙහි නායකයා ලෙස, මගේ හදවත වනුයේ, අපගේ කිතුනු දේවගැතිවරුන්ට සුළුතර වරප්‍රසාද තුළ ජීවත් වීමට ඉගැන්වීමයි. කොන්දේසි හෝ භේදයකින් තොරව ඔවුන්ට සේවය කිරීමෙන් සියලුම ආගම්වලට ගෞරව කිරීමයි.’’ ද ලැනරෝල් දේවගැතිතුමා පැවසීය.

ද ලැනරෝල් දේවගැතිතුමාට හැඟෙන පරිදි කිතුනුවන් ලෙස අප අපගේ හදවත් පිරික්සා කර බලා මුස්ලිම්, හින්දු සහ බෞද්ධ සියල්ලන් සමඟ සහජීවනයෙන් ජීවත් විය යුතුය. ජේසුස් වහන්සේ පැමිණියේ සේවය කිරීම සඳහා වූ රජෙකු ලෙස බැවින්, දැන් වඩාත්ම වැදගත් දෙය ලෙස අප එය කළ යුතුය. වසර තුනක සිට මරදානේ පිහිටා ඇති, කර්බි දේවගැතිතුමාගේ දේවස්ථානය, එනම් WOW, ඔහුගේ බෞද්ධ පංති සඟයෙකු වන රාජ් රාසියා හරහා ප්‍රදේශයට සහ ප්‍රජාවට හඳුන්වා දුන් අතර, එම කාලය තුළ ඔවුහු කල්පවත්නා මිත්‍රත්වයන් ගොඩනඟා ගත් අතර ප්‍රදේශයේ බොහෝ ජීවිතවලට යහපත් බලපෑම් ඇති කළහ. WOW මරදානට සංක්‍රමණය වීම ආරම්භයේ දී, කර්බි ද ලැනරෝල් දේවගැතිතුමාගේ පළමු රාජකාරිය වූයේ අනෙකුත් ආගමික නායකයින් (නාරද හිමියන් එක් අයෙකි) මුණගැසී, ‘මම ඔබට සේවය කරන්නේ කෙසේද?’ යන්න විමසා බැලීමයි.

“මට අවශ්‍ය වන්නේ ප්‍රදේශයට විසඳුමක් සහ ආශිර්වාදයක් වීමට. ඔබේ ප්‍රශ්නවලට මම විසඳුමක් බවත්, මගේ දේවස්ථානය ඔබේ ප්‍රශ්නවලට විසඳුමක් බවත් ඔබ දැක හඳුනා ගන්නේ නම්, අපි එකට වැඩ කරමු. වසර ගණනාවක් පුරාවට අපි වර්ධනය වෙලා තිබෙන අතර, අපට සුවිශේෂී සම්බන්ධතාවක් තිබෙනවා. අපි සහෝදරයන් සහ මිතුරන් ලෙස හැදී වැඩී ඇති අතර, අද අපි මරදානේ සිට අපට හැකි සෑම ආකාරයකින්ම ජනතාවට සේවය කරනවා.” ද ලැනරෝල් දේවගැතිතුමා පැහැදිලි කළේය.

පෝෂණය සහ අධ්‍යාපනය ලබා දීම
මෙම සම්බන්ධතාව හේතුවෙන්, සෑම දිනකම මරදානේ ළමයි සිය ගණනක් ආහාර පාන සහ ටියුෂන් ලබා ගනිති. දේවස්ථානයෙන් සහ පන්සලෙන් දිනකට සියයකට අධික පිරිසකට ආහාර දෙන කාලයක් තිබුණි. ඔවුන්ට අවශ්‍ය අනෙකුත් ජන කොටස්වලට ආදර්ශයක් වීමටයි. කර්බි දේවගැතිතුමා සහ නාරද හිමියන් මේ වන විට වසර අටකට ආසන්න කාලයක් මෙය සිදු කරමින් සිටිති. සිය ගණනක් ආහාර පාන හා අධ්‍යාපනය ලබති. අධ්‍යාපනයට ශිෂ්‍යත්ව දෙයි - ළමයින් නැටුම් ඉගෙන ගනියි, නාට්‍ය/රංග කලාව ඉගෙන ගනියි. වැඩිහිටි දරුවන් රැකියාවල යොදවා ඇත. මෙම සේවාවන් ආරම්භ කර ඇත්තේ 'Warehouse ව්‍යාපෘතිය' යටතේය. දේවස්ථානයයි පන්සලයි අතර කිසිදාක වැරදි වැටහීම් ඇති වී නැත. “අපි එකිනෙකාට ආදරෙයි, ඒ වගේම අපි එක්ව මිනිසුන්ට ආදරේ කරනවා. අපේ නිදහස් කිතුනු සභාවන්ට මේ රටට විසඳුමක් විය හැකි බව මම විශ්වාස කරනවා. ඔවුන්ට අවශ්‍ය වන්නේ නිවැරදි ආකෘතිය පමණයි,” ද ලැනරෝල් දේවගැතිතුමා පවසීය.

ද ලැනරෝල් දේවගැතිතුමා අවධාරණය කරන ලද්දේ නිවැරදි ආකෘතිය විය යුත්තේ, සේවකත්වය සහ ආදරය බවයි. ඒවා එහි මූලික වටිනාකම් විය යුතුය. ප්‍රේමය දුටු බැවින් මිනිසුන් විසින් ජේසුස් වහන්සේ අනුගමනය කරන ලදී. ඔවුන් ඔහුට ආදරය කරන ලද්දේ මිනිසුන් ස්වභාවයෙන්ම ආදරයට ආකර්ෂණය වන බැවිනි. ජේසුස් වහන්සේට අවශ්‍ය වූයේ තම පියාණන් ලෝකයට හෙළි කිරීමටය, එවිට ඔවුන් ඔහුව පියාණන් ලෙස දැනගනු පිණිසය. පියාණන් සමඟ මිනිසුන් සමගි කිරීමට. ඔබට පහසුවෙන්ම මිනිසුන්ට ජේසුස් වහන්සේ ගැනත්, සමාව දීම ගැනත්, මිනිසුන් කෙරෙහි ඇති ප්‍රේමය ගැනත්, පියාණන් සමඟ කුරුසිය හරහා ඔහු සපයන සංහිඳියාව ගැනත්, මිනිසුන් එක ආගමකින් තවත් ආගමකට හැරවීමකින් තොරව ශුභාරංචිය දේශනා කළ හැකිය. ශාන්ත පාවුළුතුමා ඔහු විසින්ම අලුත් ගිවිසුමේ පොත් රාශියක් ලිවූ යුදෙව්වෙකි. ඔහු මිනිසුන්ව ආගමකට හරවා ගැනීමට උත්සාහ නොකළ නමුත් ජීවමාන ගැලවුම්කරුවෙකු වෙත ඔවුන්ව හඳුන්වා දුන්නේය. ජේසුස් යනු සම්බන්ධතාවයකි. ඔහු ආගමක් නොවේ. මිනිසුන් හැරවීමෙන් තොරව අපට ජේසුස් වහන්සේව ඔවුන්ට හඳුන්වා දිය නොහැක්කේ ඇයි? දෙවියන් වහන්සේගේ පව් කමාව යනු, ඕනෑම ඇදහිලිවන්ත මනුෂ්‍යයෙකුට ආගමික විවාදයකින් සහ කොන්දේසිවලින් තොරව ලබාගත හැකි දෙයකි.

‘‘ශ්‍රේෂ්ඨතම දේ සේවකයෙකු වෙන එක, අපි මරදානේ දී කරන්න හදන්නේ ඒ දේ තමයි. අපි මිනිසුන්ට සේවය කරනවා,’’ ද ලැනරෝල් දේවගැතිතුමා වැඩිදුරටත් පැවසීය.

ඇදහිල්ලේ වටිනාකම
පූජ්‍ය නාරද හිමියන් නිහතමානී බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකි. භික්ෂූව සහ දේවගැතිවරයා යන දෙදෙනාම එකිනෙකාගේ වටිනාකම් සහ ඔවුන්ගේ ඇදහිල්ලට ගරු කරති. ලැනරෝල් දේවගැතිතුමා සහ පූජ්‍ය නාරද හිමියන් යන දෙදෙනා එක්ව එකට සිට බුදුන් වහන්සේ පිළිබඳව වූ චිත්‍රපටිය නරඹා ඇත. ද ලැනරෝල් දේවගැතිතුමා බෞද්ධ ඉගැන්වීම් සහ සාරධර්මවලට ගරු කරන්නේය. එසේම, ද ලැනරෝල් දේවගැතිතුමා පූජ්‍ය නාරද හිමියන්ට තම ඇදහිල්ලේ බොහෝ කරුණු පිළිබඳව අවබෝධ කර දී අතර, ඊට ප්‍රතිචාර වශයෙන් උන් වහන්සේ බුදුදහමේ බොහෝ කරුණු පිළිබඳව ද ලැනරෝල් දේවගැතිතුමාට අවබෝධ කර දී ඇත.

“ද ලැනරෝල් දේවගැතිතුමා බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට අසීමිත ගෞරවයක් දක්වන බව මට තේරුණා. ඔහු අපේ සමහර බෞද්ධ උත්සවවලට සහභාගි වුණා. මේ නිසා ඔහු මගේ ගෞරවය වැඩි කළා. ඒ වෙනුවෙන් මම ඔහුගේ ඇදහිල්ලට සහ ඔහුගේ ඉගැන්වීම්වලට ගරු කරන්න පටන්ගත්තා. ඒ නිසා අපි බොහෝ කරුණු සාකච්ඡා කරා එයින් අපගේ මිත්‍රත්වය වඩාත් ගැඹුරු වුණා. අපි සහෝදරයෝ වුණා. බෞද්ධ භික්ෂුවක් වශයෙන්, මගේ යුතුකම සහ අපේක්ෂාව, බුදුන් වහන්සේගේ ධර්මය ප්‍රචාරය කිරීම. ඔහු ද තම ඇදහිල්ලේ ඉගැන්වීම් ප්‍රචාරය කිරීමට අපේක්ෂා කරන බව මට වැටහුණා. කෙසේ නමුත් අපේ පොදු අරමුණ වුණේ ජනතාවට සේවය කිරීම. අපිට ඕන වුණේ ජනතාවට උදව් කරන්න. අපේ ඉගැන්වීම්වලට පොදු පදනමක් ලැබුණේ එතැනින්” යැයි පූජ්‍ය කොළොන්නාවේ නාරද හිමියෝ පැවසූහ.

වසර ගණනාවක මිත්‍රත්වය තුළ කිසිදා ප්‍රශ්න ඇති නොවීය. ගැටුමක් ඇති නොවීය.

ආරවුලක් ඇති වී නොමැත. එය ඉතා සාමකාමී සහ ඉතා සුහදශීලී විය. දෙපාර්ශවයටම ඔවුන් උත්සාහ කරන එක් පොදු ඉලක්කයක් ඇත. එසේම සමාජයට යහපතක් කිරීමට අවශ්‍යය. ඔවුන් ‘Warehouse ව්‍යාපෘතිය’ ‘ශ්‍රී නාරද පදනම’ සමඟින් පිහිටුවා ඇති අතර, එහි ලේකම්, ද ලැනරෝල් දේවගැතිතුමාය. එසේම Warehouse ව්‍යාපෘතියේ සමාජ සුබසාධන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂවරයා වනුයේ, පූජ්‍ය නාරද හිමි ය. එකී ව්‍යාපෘති දෙකම එකට අත්වැල් බැඳගෙන ඇත. Warehouse ව්‍යාපෘතිය යටතේ ලැනරෝල් දේවගැතිතුමා මරදානට විශාල සේවාවක් සපයයි. මෙම ප්‍රයත්නයන් තුළින් සහය වන දරුවන් බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු සහ මුස්ලිම් පසුබිම්වලින් පැමිණෙන අය වේ. බුදු රජාණන් වහන්සේ පවා සර්ව ආගමික සංහිඳියාවට උදාහරණයක් බව පූජ්‍ය නාරද හිමියන් පෙන්වා දෙන්නට විය. එසේම එය ඔහුගේ චරිතයේ කොටසක් වී ඇත.

ඔවුන් එක්ව මරදාන ප්‍රදේශයේ සියලු ආගම්වලට සහ ජාතීන්ට ආදරය පතුරුවා හරින්නන් වී ඇත. එක්සත් ශ්‍රී ලංකාව, ඊළඟ පරම්පරාව සඳහා නව යුගයක් ගොඩනඟමින් සිටින කාලයක - ප්‍රගතිශීලී ආගමික නායකයින් සහ මානසිකත්වයන් සහජීවන සංවර්ධනය උදෙසා මහෝපකාරී වේ.

bottom of page