top of page
Blue-Header-1900-x-600-2.jpg
අපි කවුද? / අපි ගැන

ශ්‍රී ලංකා අපෝස්තලික නිකාය (ADC) යනු 1991 දී පිහිටුවන ලද නිකායක් වන අතර, එහි අරමුණ වනුයේ නව පිබිදීමක් ඇති කරමින් බිෂොප්වරුන්ගේ පාලනය නිදහස් සභා තුළ ස්ථාපිත කිරීමයි. ශ්‍රී ලංකා අපෝස්තලික නිකාය දැනට ශ්‍රී ලංකාව තුළ සභා 600කට අධික සංඛ්‍යාවක බිෂොප් පදවිය දරන අතර, එය ජාතික වශයෙන් විශාලතම ක්‍රිස්තියානි නිකායක් ලෙස ස්ථාපිත වී ඇත.

 

ස්වයං පාලනයකින් යුතු, ස්වාධීන නිදහස් සභා ව්‍යාපාරය වර්ධනය වෙමින් තිබෙන සමයක,  නායකත්වයේ සහ නියෝජනයේ අවශ්‍යතාව ජාතික අවශ්‍යතාවක් විය. එයට පිළියමක් ලෙස නිදහස් සභාවන්හි ප්‍රජාව සහ රජයේ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, දැනට පවතින ස්වාධීන සභා එකම සෙවණක් යටතට ගැනීමට ආරාධනා කිරීමේ පුරෝගාමී පියවර ශ්‍රී ලංකා අපෝස්තලික නිකාය විසින් තබන ලදී.

 

2015 වර්ෂයේ ජූලි මාසයේ දී, එවකට සිටි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ගරු ජෝන් අමරතුංග මැතිතුමාගේ අනුග්‍රහයෙන්, ජාතික වශයෙන් ඒ වන විටත් පැවති නිදහස් සභා සඳහා පළමු බිෂොප් පදවිය අපේක්ෂා කරමින්, ශ්‍රී ලංකා අපෝස්තලික නිකාය සිය පළමු පියවර දියත් කළේය. පසුගිය වසර පුරාවටම ශ්‍රී ලංකා අපෝස්තලික නිකාය විසින් නිදහස් සභා 150කට ආසන්න ප්‍රමාණයකට එපිස්කෝපල් සංස්කෘතියේ කොටසක් වීමට අවශ්‍ය පුහුණු කිරීම් සිදු කරමින් සිටියි. එපිස්කෝපල් පාලනයෙන් යුතු  ආයතනයකින් පූජකවරුන්ට අධ්‍යාපනය සහ පුහුණුව ලබා දෙන එකම නිකාය මෙය වේ.

 

ශ්‍රී ලංකා අපෝස්තලික නිකායෙහි දැක්මෙහි කොටසක් වනුයේ ආගමික විශ්වාස සහ ඇදහිලි ආදියෙහි සිදු වූ වෙනස් වීම් තුළ නැති වී ගිය ඇතැම් එපිස්කෝපල් සම්ප්‍රදායන් නැවත ගෙන ඒමයි. ශ්‍රී ලංකා අපෝස්තලික නිකාය යනු ඉන්දියාවේ නිදහස් පල්ලි සඳහා එරට රජය විසින් අනුමත කරන ලද, සභා 11,500කට අධික සංඛ්‍යාවක් ඇති, විශාලතම නිකාය වන ඉන්දියානු ජාතික අපෝස්තලික නිකායෙහි (INAD) ශ්‍රී ලංකා ශාඛාවයි. 2015 ජූලි මාසයේ ගරු පෝල් ටී මාරන් බිෂොප්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දී ශ්‍රී ලංකා අපෝස්තලික නිකායෙහි ප්‍රධාන නියාමක ලෙස ගරු ආචාර්ය කර්බි ද ලැනරෝල් බිෂොප්තුමාව පත් කරන ලදී. මෙම අවස්ථාවට එවකට සිටි, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, විදුලි සංදේශ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ළමා කටයුතු අමාත්‍ය රෝසි සේනානායක සහ එවකට සිටි විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ෆීලික්ස් පෙරේරා යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

 

ශ්‍රී ලංකා අපෝස්තලික නිකාය තරු 5 ශ්‍රේණියේ ඉහළ ස්ථාවරයක් සහිත බවට ICDRHRP (රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, මානව හිමිකම් සහ සාමය පිළිබඳ ජාත්‍යන්තර කොමිසම) විසින් පිළිගෙන ඇත.

Accreditation Number: ICDRHRPIG045/01242017

 

ශ්‍රී ලංකා අපෝස්තලික නිකායෙහි මෙහෙවරහි කොටසක් වනුයේ අපොස්තුළුවරුන්, අනාගතවක්තෘවරුන්, දේවගැතිවරුන්, ගුරුවරුන් සහ එවැන්ජලිස්තවරුන් යන පංච දේවගැති ධූරයන් මත පදනම් වූ පාලන ව්‍යුහයක් පිහිටුවීමයි. මෙම පදවි පහ ස්ථාපිත නොකළහොත් එම ප්‍රදේශයේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය (The body of Christ) දුර්වල වී ක්‍රියා විරහිත වේ.  එබැවින් ශ්‍රී ලංකා අපෝස්තලික නිකායෙහි ප්‍රධාන මෙහෙවර වන්නේ ලෝකය තුළ දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවරක් ලෙස පංච දේවගැති ධූරයන් හඳුනාගෙන එය නිදහස් සභා තුළ ශක්තිමත් කිරීමයි.

 

විසඳුම් පදනම් කර ගත් සේවයක් සහ ඇදහිලි අතර සංහිඳියාවේ මෙවලමක් ලෙස ක්‍රියා කිරීමට ද ශ්‍රී ලංකා අපෝස්තලික නිකාය අරමුණු කරයි. ශ්‍රී ලාංකේය ජනගහනය එක් සංස්කෘතික පරාසයක් තුළ සහජීවනයෙන් ජීවත් වන විවිධ ආගම් සහ ජනවර්ගයන්ගෙන් සමන්විත වන නමුත් මෙම ජාතියේ ඉතිහාසය ආගමික හා වාර්ගික ගැටුම්වලින් විනාශ වී ඇත. ශ්‍රී ලංකා අපෝස්තලික නිකාය තමන්ව හඳුන්වනු ලබනුයේ 'සංහිඳියාව වෙනුවෙන් වූ සේවයක්' ලෙසිණි. එසේම සිය විවිධ සමාජ වැඩසටහන් හරහා අන්තර් ආගමික සංවාද වැඩි දියුණු කරමින්, සියලු ආගම් එක්ව ජාතියට සේවය කිරීම සම්බන්ධයෙන් දැනට පවතින අඩුපාඩුව නොඑසේ නම් හිදැස පියවා ගැනීමට ශ්‍රී ලංකා අපෝස්තලික නිකාය නිරතුරුවම  අපේක්ෂා කරයි.

 

ශ්‍රී ලංකා අපෝස්තලික නිකාය තවදුරටත් අදහස් කරනුයේ, දේව සභාවන් සඳහා ඔවුන්ගේ නිලයට සුදුසු අධ්‍යාපනයක් ලබා දීමටයි. ඒ සඳහා INAD විවෘත විශ්ව විද්‍යාලය හරහා, ක්‍රිස්තියානි දේවධර්මය සහ දේවගැති ධූරය පිළිබඳ උපාධි සහ ඩිප්ලෝමා සුදුසුකම් දේශීය දේව සභාවල දේවගැතිවරුන්ට සහ දේශකයන්ට විවෘත කිරීමට කටයුතු කරයි.

ශ්‍රී ලංකා අපෝස්තලික නිකායෙහි දැක්ම

සමිඳාණන් වහන්සේගේ ආඥාවේ ඵලදායී ක්‍රියාකාරිත්වය ඉටු කිරීමට සහ රාජ්‍ය අරමුණු ඉටු කිරීමට,

ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ඥානයෙන් හා ගුණයෙන් දියුණු කිරීම සහ සූදානම් කිරීම සඳහා සේවය කිරීම.

 ශ්‍රී ලංකා අපෝස්තලික නිකායෙහි මෙහෙවර
  • ශ්‍රී ලංකාවේ නිදහස් සභා තුළ එපිස්කෝපල් පාලනය ශක්තිමත් කිරීම සහ නිදහස් සභා තුළ සිටින දේවගැතිවරුන්ට පහසුකම් සැලසීම, පුහුණු කිරීම සහ අධ්‍යාපනය ලබා දීම.

 

  • පංච දේවගැති ධූරයන් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ දීමනා අනුව දේවගැතිධූරයන් සූදානම් කිරීම.

 

  • දේවගැතිවරුන්ගේ පදවියේ ආනුභාවය තුළින්, මහා ක්‍රිස්තියානි සංවිධානයේ කොටසක් ලෙස පිළිගැනීමට අවශ්‍ය අධ්‍යාපනය සහ පුහුණුව ලබා දීම.

  • ජාතිය තුළ, නිදහස් සභාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම

ACCREDITATIONBy The ICDRHRP
BG2.jpg
ADC-Overseer-Shot.jpeg

ශ්‍රී ලංකා අපෝස්තලික නිකායෙහි ප්‍රධාන නියාමක

ගරු ආචාර්ය කර්බි ද ලැනරෝල් බිෂොප්තුමා

ඉන්දියාවෙහි රාජ්‍ය පිළිගැනීම ලත් විශාලතම සහ එකම කැරිස්මැටික්/පෙන්තකොස්ත නිකාය වන ඉන්දියානු ජාතික අපෝස්තලික නිකාය (INAD) විසින් ගරු ආචාර්ය කර්බි ද ලැනරෝල් බිෂොප්තුමා,   2015 දී ශ්‍රී ලංකා අපෝස්තලික නිකායෙහි ප්‍රධාන නියාමක/ නායක දේවගැති තුමා ලෙස පත් කරන ලදී. ඔහුට INAD විවෘත විශ්වවිද්‍යාලය විසින් ආචාර්ය උපාධියක් පිරිනමා ඇත. තවද ඔහු ඉන්දියානු ජාතික අපෝස්තලික නිකායෙහි අන්තර් ආගමික සහජීවනය පිළිබඳ ජාත්‍යන්තර ලේකම්වරයාය. ඔහුගේ දේශීය කිතුනු සභාව වන WOWlife,  ඇමරිකා එක්සත් ජනපදයේ 501 C3හි ආයතන ගත කර ඇත.

 

ගරු ආචාර්ය කර්බි ​ද ලැනරෝල් දේවගැතිතුමා 2019 දී අගමැති කාර්යාලයේ උපදෙස් මත, ශ්‍රී ලංකාවේ නිදහස් හා ස්වාධීන කිතුනු සභාවන් සඳහා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකාරක තනතුර ලබා ගන්නා ලදී.

 

ජාතිය තුළ අන්තර් ආගමික සහජීවනය වැඩි දියුණු කිරීමෙහි ලා, පන්සල සහ පල්ලිය අතර සබඳතාවක් ගොඩනඟා ගැනීමේ සමාජ මෙහෙවර වෙනුවෙන්, ගරු ආචාර්ය කර්බි ද ලැනරෝල් දේවගැතිතුමා ‘දේශාභිමාන’ යන ගෞරව නාමයෙන් ද පිදුම් ලබා ඇත. ඔහුගේ කිතුනු සභාව, ප්‍රාදේශීය බෞද්ධ විහාරස්ථාන සමඟ එක්ව කටයුතු කරමින් සමාජ උන්නතිය උදෙසා ප්‍රජාවට සේවය කිරීමේ පළමු කැරිස්මැටික්/පෙන්තකොස්ත මෙහෙවරෙහි නියමු ආකෘතියක් ආරම්භ කරන ලදී.  එසේම එතුමා දිවයිනටම සාම විනිසුරුවරයෙකු ලෙස ද කටයුතු කරයි.

 

කර්බි ද ලැනරෝල් දේවගැතිතුමා බෙදීම හා වෙන් කර තැබීම වෙනුවට සංහිඳියාව සහ ජාතිය ගොඩනැගීම වෙනුවෙන් වූ කිතුනු සභා සංස්කෘතියක් තිරතුරුවම අපේක්ෂා කරයි. ඔහු පරිවර්තනය මත පදනම් වූ ශුභාරංචියට වඩා විසඳුම් මත පදනම් වූ ශුභාරංචිය අවධාරණය කරයි. එසේම එදිනෙදා ජීවිතයට අධ්‍යාත්මික බලය සැබෑ ලෙස ක්‍රියාත්මක කිරීම මඟින්, ඇදහිලිවන්තයාට තමාගේ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ලබා ගැනීම උදෙසා බල ගැන්වීම පිළිබඳව ඔහු අවධාරණය කරයි.

 

ඔහු 2004 වසරේ දී ෆියෝනා රේචල් ද ලැනරෝල් දේවගැතිතුමිය (Mth fuller USA; LLB, Buckingham, UK) සමඟ විවාහ වී ඇත. ෆියෝනා සහ කර්බි දෙපළ WOWLife සභා සහ Warehouse ව්‍යාපෘතියේ ආදි කතෘවරු සහ ඒ පිළිබඳව දැක්මක් සහිත වූ දෙපළ වේ.

 

ගරු ආචාර්ය කර්බි ද ලැනරෝල් දේවගැතිතුමා කුඩා කාලයේ සිටම පෞද්ගලික අංශයේ ක්‍රියාකාරියෙකු විය. ඔහු වයස අවුරුදු 22 වන විට තේ අපනයන ඇසුරුම් සමාගමක් පිහිටුවීමට මූලික වූ අතර, ඉන් පසුව 2010 සහ 2011 වසරවල එය අඛණ්ඩව අගය එකතු කිරීම සඳහා වූ මධ්‍යම පරිමාණ අපනයන සම්මාන දිනා ගැනීමට සමත් විය. ඔහු 2003 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජෙබෙල් අලි හි ඩොලර් මිලියන 25ක අලොකොසායි (Alokozay) තේ කම්හලක් ද පිහිටුවීය. එසේම ඔහු දැනට ශ්‍රී ලංකාවේ මත්ස්‍ය හා ඉස්සන් ගොවිපලක සහ ප්‍රමුඛ පෙළේ භාණ්ඩ වෙළඳ ආයතනයක හිමිකරුවෙකු මෙන්ම හවුල්කරුවෙකු ලෙසත්, බලශක්ති උපදේශක ආයතන හවුල්කරුවෙකු ලෙසත් කටයුතු කරයි.

 

ගරු ආචාර්ය කර්බි ද ලැනරෝල් දේවගැතිතුමා රාජ්‍ය අංශ සමඟ ද සේවය කර ඇත. ඔහු වයස අවුරුදු 28 දී කැබිනට් අමාත්‍යවරයෙකුගේ විධායක උපදේශකවරයෙකු ලෙස ප්‍රථම වරට රාජ්‍ය සේවයට පිවිසියේ, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද රජයේ නිල තනතුරක් දැරූ ළාබාලතම පුද්ගලයින්ගෙන් කෙනෙකු බවට  පත් වෙමිනි. ක්‍ෂේත්‍රය තුළ තවදුරටත් තම සේවය පතුරුවා හරිමින්, ගරු ආචාර්ය කර්බි දේවගැතිතුමා ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරියෙහි (NAQDA) අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු වූ අතර, ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ජලජීවී වගා සංවර්ධන ජාතික ව්‍යාපෘති සම්බන්ධීකාරක වරයෙකු ද විය. තවදුරටත් ඔහු විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයාගේ උපදේශකවරයා ලෙස පත් කරනු ලැබීය.

 

ඔහුගේ සමාජ ව්‍යාපෘතියේ, මරදාන ප්‍රදේශයේ සාර්ථකත්වය: Warehouse ව්‍යාපෘතිය ඔහුව සමාජ සේවා අමාත්‍යාංශයේ විධායක උපදේශක ලෙස පත් කිරීමට හේතු විය. මෙම කාර්යාලය තුළ ඔහු ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස සේවය කළ සමයේ එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සේවකයන් (UNV) විසින් අරමුදල් සපයනු ලබන ජාතික ස්වේච්ඡා ලේකම් කාර්යාලය (NVS) පිහිටුවා ආරම්භ කර ලදී. ඉන්පසුව ශ්‍රී ලංකාවේ එවකට සිටි ජනාධිපතිවරයා විසින් ඔහුව ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාතික කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස පත් කරන ලදී.

 

ගරු ආචාර්ය කර්බි ද ලැනරෝල් දේවගැතිතුමා, 2012 දී හඳුන්වා දුන් ගෞරවාන්විත "වී සම්මාන" සංකල්පයේ නිර්මාතෘවරුන්ගෙන් අයෙකි. එය රටේ ස්වේච්ඡා සේවා සඳහා වන ජාතික සම්මානය වේ.

 

ගරු කර්බි ද ලැනරෝල් දේවගැතිතුමා ඔහුගේ තරුණ අවධියේ දී ක්‍රීඩකයෙකු වූ අතර බොක්සිං සහ රයිෆල් වෙඩි තැබීමෙන් ඔහු ජාතික සම්මාන දිනාගෙන ඇත.

 

අධ්‍යාත්මිකත්වය සහ නිරාහාරව සිටීම පිළිබඳව කළ කතාවන් හේතු කොටගෙන ගරු ආචාර්ය කර්බි දේවගැතිතුමා TedX වැඩසටහනෙහි සහ ඉන් පසුව 2013 දී National Geographic (NatGeo) නාලිකාවෙහි කැපී පෙනෙන චරිතයක් විය.

 

ගරු ආචාර්ය කර්බි ද ලැනරෝල් දේවගැතිතුමා යනු ශ්‍රී ලංකාවේ පිහිටි WOWLife සභාවෙහි ප්‍රධානියාය. ඔහු ඉන්දියානු ජාතික අපෝස්තලික නිකායෙහි (INAD) ගරු ආචාර්ය පෝල් ටී මාරන් බිෂොප්තුමාගේ සහ ගරු ආචාර්ය නීල් ඔබේසේකර බිෂොප්තුමාගේ ආවරණය ලබමින් සිටියි.

d2-placeholder-1920.png

ශ්‍රී ලංකා අපෝස්තලික නිකායෙහි ඇදහිල්ලේ ප්‍රකාශය

ශ්‍රී ලංකා අපෝස්තලික නිකාය අදහනුයේ,

ඇත්තේ එක දෙවි කෙනෙක්‍ ය1. සදාකාලික, අමරණීය සහ අදෘශ්‍යමාන2.  ඔහු ආරම්භයේ ද සිටි, ශුද්ධ රජු, මැවුම්කරු, ගැලවුම්කරු සහ වචනය වන්නේය3. ඔහු අපට ඔහුව එළිදරව් කර ඇත්තේ, දෙවි පියාණන්, දේව පුත්‍රයාණන් සහ ශුද්ධාත්මයාණන් වහන්සේ යන එකිනෙකට වෙනස් පුද්ගලයන් තිදෙනෙකුගෙනි4. බයිබලය දේවානුභාවය ලත්, නොවරදින සහ බලයලත් දේව වචනයයි. දෙවියන් වහසේගේ සියලුම ජීවමාන සහ ක්‍රියාශීලී වචන (රීමා) ලිඛිත වචන (ලාංඡන) එහි සන්දර්භය තුළ වේ. මනුෂ්‍ය වර්ගයා දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇත5. ආත්ම වචනය ශාරීරික ස්වරූපයෙන්. දෙවියන් වහන්සේගේ යහපත්කම පිළිබඳ මිනිසා තුළ ඇති අවිශ්වාසය ඔහුව පරිභවයට පත් කරමින් වෙන් කර ඇත6. එබැවින් මිනිසා සදාකාලික ජීවනයෙන් මරණයට ඇද වැටුණි. (අසනීප, දරිද්‍රතාවය, සදාකාලික නිරයට පැමිණ වීම...) දෙවියන් වහන්සේ සිය ප්‍රේමයෙන් තම එකම පුත්‍රයා මනුෂ්‍ය වර්ගයාගේ වැරදි සඳහා සමාවක් ලෙස එවූ අතර, කුරුසියේ නිමවූ කාර්යය තුළින් මනුෂ්‍ය වර්ගයා දෙවි පියාණන් සමඟ සමාදාන කළහ7. ඔහු එසේ කරන ලද්දේ, විශ්වාස කරන සහ භාර ගන්නා අයට ධර්මිෂ්ඨකම නොමිලේ දීමනාවක් ලෙස සලකමිනි8. එබැවින් "පශ්චාත්තාප" ක්‍රියාවලිය තුළින් මනුෂ්‍ය වර්ගයාට ඔවුන්ගේ ආත්මය ගලවා ගැනීමට හැකි වචනය (දේව පුත්‍රයා) ලැබීමට හැකි වන පරිදි, දෙවියන් වහන්සේගේ වචනය තුළින් ශුභාරංචිය දේශනා කළ යුතු බව නියම කර ඇත9.

ශ්‍රී ලංකා අපෝස්තලික නිකාය අදහනුයේ, දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයා වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ, ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවයෙන් පිළිසිඳ ගෙන නිර්මලව උපත ලද බවයි10. මිනිස් වර්ගයා ආධිපත්‍යය සහ අධිකාරය අහිමි වීමේ සිට රජුගේ ආධිපත්‍යය සහ සියලු අධිකාරිය වෙත පරිවර්තනය කිරීම සඳහා ශුද්ධාත්මයාණන් විසින් අභිෂේක ගන්වන ලදී11.

අපි ගැලවී සිටින්නේ ඇදහිල්ල හේතු කොටගෙන, කරුණාව නිසාවෙනි12. කුරුසියේ නිම වූ ක්‍රියා තුළින් වචනයෙන් පොරොන්දු වූ ධර්මිෂ්ඨකමේ නොමිලේ දීමනාවෙන්, පාපය, ධර්මිෂ්ඨකම සහ විනිශ්චය පිළිබඳව ලෝකය ඒත්තු ගැන්වීමට ශුද්ධාත්මයාණන් වහන්සේ දැන් අපට ලබා දී ඇත්තේය13. ශුද්ධාත්මයාණන් යනු දෙවියන් වහන්සේගේ පුත්‍රයන් තුළ ක්‍රියා කරන උපකාරකයා, සැනසිලිදායකයා, උපදේශකයා සහ නැවත නැඟිටීමේ බලයයි14.

ඇදහිලිවන්තයෙකුට ශුද්ධාත්මය ලද පසු, ආත්මයේ ඇති  දේ කෙරෙහි ඔහුගේ මනස පිහිටුවීමට ඔහුව කැඳවනු ලැබේ15. එවිට ඔහු ස්වකීය ආශාවන්ගේ ස්වභාවයෙන් ගමන් නොකර, ආත්මය විසින් මෙහෙයවනු ලබන ආත්මයේ ඵලය ප්‍රකාශ කරනු ඇත16. ඇදහිලිවන්තයෙකු ආත්මයේ ඵලයෙන් (ආදරය, ප්‍රීතිය, සාමය...) හඳුනා ගනී. ශුද්ධාත්මයාණන් වහන්සේ ඇදහිලිවන්තයෙකු තුළ සහ ඔහු මත පවතින විට, පිටතට ගොස් රෝගීන් සුව කිරීමට, භූතයන් දුරු කිරීමට, මළවුන් නැඟිට වීමට සහ මහත් වූ ක්‍රියා කිරීමට ඔහු අණ කරනු ලැබේ17. රාජකීය ආධිපත්‍යය ඉදිරියට ගෙන යාමට, සෑම ගෝත්‍රයක්ම සහ භාෂාවක්ම (ජාතීන්) අනුගාමිකයන් කරවීම සෑම ඇදහිලිවන්තයෙකුගේම වරමකි. ශුද්ධාත්මයාණන්ගේ බෞතීස්මය ඇදහිලිවන්තයන් මත මුදා හරින්නේ ඔවුන්ට විශුද්ධ වීමටත් සාක්ෂිකරුවන් වීමටත් බලය ඇති බැවිනි18.

දෙවියන් වහන්සේගේ වචනය පැහැදිලිවම ස්වර්ගයක් සහ නිරයක් පිළිබඳව කථා කරයි. මේ සම්බන්ධයෙන් සෑම පුද්ගලයෙකුගේම ඉරණම මුළුමනින්ම ශුභාරංචියට අනුව, සෑම මනුෂ්‍යයෙකුම විනිශ්චය කරන සාධාරණ සහ ප්‍රේමණීය දෙවි කෙනෙකුගේ අතෙහි පමණක් පවතියි19. දෙවියන් වහන්සේගේ දරුවන් තුළ වචනය රෝපණය වන විට, ඔවුන් දේව පුත්‍රයාණන් පිළිබඳ දැනුමෙන්, ඇදහිල්ලේ එකඟතාවයෙන් වර්ධනය වේ22. එසේම ඔහුගේ රූපය බවට පරිවර්තනය වේ21. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය මරණයෙන් ජීවිතයට රූපාන්තරණය වෙමින්, දීර්ඝ සහ කල් පවත්නා ජීවිතය වැළඳ ගත් සේක. අවසාන සතුරා වන මරණය, ශරීරය විසින් ජය ගනිමින් සහ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ සභාව (මනාලිය) උන්වහන්සේගේ මහිමයේ පූර්ණත්වය ලබමින් අපගේ ගැලවුම්කාර රජුගේ නැවත පැමිණීම සඳහා සූදානම්ව සිටියි20.

 

ශුද්ධ ලියවිල්ලේ යොමු

 

1.     1 තිමෝති 2: 5 - ඇත්තේ එක දෙවි කෙනෙක්ය. එසේම දෙවියන් සහ මිනිසුන් අතර සිටින්නේ එක මැදිහත්කරුවෙක් ය. එනම් මිනිසෙකු වූ ජේසුස් ක්‍රිස්තුස් ය.

 

2.     1 තිමෝති 1:17 - දැන් සදාකාලික, අමරණීය, අදෘශ්‍යමාන, එකම ප්‍රඥාවන්ත දෙවි රජුට සදාකාලයටම ප්‍රශංසාව හා ගෞරවය හිමි වේවා! ආමෙන්.

 

3.     යොහාන් 1: 1 - ආරම්භයේ දී එනම් සියල්ල සෑදීමට පෙර, වචනය පැවතුණි, වචනය දෙවියන් වහන්සේ සමඟ විය, එසේම වචනය දෙවියන් වහන්සේ විය.

 

4.     1 කොරින්ති 8: 6 - නමුත් අපට ඇත්තේ එකම දෙවියන් වහන්සේ ය, දෙවි පියාණන් ය, ඔහු සියල්ලන්ම වන අතර අපි ඔහු තුළ සිටින්නෙමු. එකම ස්වාමීන්             වන්නේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ය.

 

5.     උත්පත්ති 1:27 - එබැවින් දෙවියන් වහන්සේ මනුෂ්‍යයා මවන ලද්දේය. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා  මැව්වේ ඔහුගේම ස්වරූපයෙනි, පුරුෂයෙකු සහ             ස්ත්‍රියක වශයෙන් මවන ලද්දේය.

 

6.     උත්පත්ති 3:22-24

 

7.     ගලාති 4:4, 2 කොරින්ති 5:19, යොහාන් 3:16

 

8.     රෝම 5:17

 

9.     යාකොබ් 1:21

 

10.   යෙසායා 7:14

 

11.   මතෙව් 16:18, ගීතාවලිය 8:6

 

12.   එපීස 2:8

 

13.   යොහාන් 16:8

 

14.   රෝම 8:11

 

15.   කොලොස්සි 3:2

 

16.   ගලාති 5:16-22

 

17.   යොහාන් 14:12, මතෙව් 10:8

 

18.  පනත 1:4-8, 2-4, ක්‍රියා 2:38 පේතෘස් පිළිතුරු දෙමින්, “ඔබ සැමදෙනාම පසුතැවිලි වී බෞතීස්ම වන්න, ඔබේ පව්වලට සමාව සඳහා ජේසුස් ක්‍රිස්තුස්ගේ               නාමයෙන්. එවිට ඔබට ශුද්ධාත්මයාණන්ගේ දීමනාව ලැබෙනු ඇත.

 

19.   රෝම 2:6-8

 

20.   2 කොරින්ති 3:18, තීතස් 2:13, රෝම 8:30

 

21.   2 කොරින්ති 3:18

 

22.   එපීස 4:13

BG7.jpg
REV. ආචාර්ය. KIRBY DE LANEROLLE ගේ ADC කරුණු 4 පැහැදිලි කරයි
KirbyADC1-1.jpg
BG3.jpg

ගරු අග්‍රාමාත්‍ය තුමන් විසින් 2015 ජූලි මාසයේ පැවති ශ්‍රී ලංකා අපෝස්තලික නිකායේ සමාරම්භක උත්සවය අමතා කළ කතාව

(ඉංග්‍රීසි බසින් කළ කතාවෙහි සිංහල පරිවර්තනය)

ඉන්දියානු අපෝස්තලික ධර්ම දූත මෙහෙවරෙහි ශ්‍රී ලංකානු පරිච්ඡේදයේ සමාරම්භක උත්සවය සිදුවන මේ දිනය ඉතාමත්ම වැදගත් වෙන්නේ, රජය විසින් ක්‍රිස්තියානි බලධාරීන්ට පැවරූ ඇතැම් රාජකාරි ඉටු කිරීමට, අපේ රටේ ක්‍රියාත්මක වෙන විශාල ප්‍රමාණයක නිදහස් සභාවන්ට නිල පිළිගැනීම ලබා ගැනීමට හැකි දිනයක් ලෙසටයි. එම නිසා එය එක අතකින් සංවිධානාත්මක ජාලයක් සපයනවා. තවද ඔවුන්ට දැන් නිදහස් සභාවන් විදියට ඔවුන්ගේම ආගමික ඇදහීම් චාරිත්‍රයන් සිදු කිරීමට නිදහස තියෙනවා. ජේසු සමිඳාණන් කුරුසියේ ඇණ ගැසීමෙන් පසුව, ක්‍රිස්තියානි ධර්මයේ පැවැත්මට හේතු වුණේ, යුරෝපයේ පීඩාකාරී බලවේගවලට ඔරොත්තු දීමටත්, ඉන් පසුව රෝමයේ බිශොප් පදවිය ස්ථාපිත කිරීමටත් තරම් මේ ස්වාධීන කුඩා දේවස්ථාන ශක්තිමත් වුණු නිසා. කෙසේ නමුත් මැද පෙරදිග සහ පෙරදිග නිදහස් සභා වර්ධනය වෙලා චීනය දක්වා පැතිර ගියා සේම ඒවා කේරළයට පැමිණි පසු ලංකාවටත් පැමිණියා. ඔබට අනුරාධපුරයේ දී නෙස්ටෝරියන් කුරුසය හමු වෙනවා. එසේම ඉස්ලාමය බලයට පත් වීමට පෙර නෙස්ටෝරියානු දේවස්ථාන සහ නිදහස් සභා ඉතාමත් සමෘද්ධිමත්ව තිබුණා. නෙස්ටෝරියානු සහ බෞද්ධ යන දෙඅංශයෙන්ම මෙන්ම අනෙකුත් ආගමික පූජස්ථාන 19 වන සියවස දක්වාම විනාශ නොවී පැවතුණා. එසේ වුණත්, සමහර නිදහස් දේවස්ථාන යුරෝපීය දේවස්ථානවලට කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවූ සමෘද්ධිමත් ක්‍රිස්තියානි සංස්කෘතියක් පෙන්නුම් කළා. ඇතැම් ඒවා අපි දැන් මේ කියන විවිධ නෙස්ටෝරියානු සහ වෙනත් දේවස්ථානවලට වඩා වෙනස් ලිහිල් ආකෘතියකට අයත් වෙනවා.

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු රජය, ඔබ සියලු දෙනාගේම ආගම් ඇදහීමේ අයිතිය සුරක්ෂිත කිරීමට සහ තහවුරු කිරීමට කැපවී සිටිනවා. කිසිම ආගමකින් දේශනා කරලා නැහැ, වෙනත් ආගම්වලට අයිති සිද්ධස්ථාන විනාශ කරන්න කියලා. ඒ නිසා අන්තවාදීන්ට ඇවිත් සිද්ධස්ථාන කඩා බිඳ දමන්න අපිට ඉඩ දෙන්න බැහැ. ශ්‍රේෂ්ඨතම බෞද්ධ අධිරාජ්‍යයා වුණු  අශෝක මහා අධිරාජ්‍යයා තම අධිරාජ්‍යය තුළ සියලු ආගම්වලට අයත් මිනිසුන්ට ආගම් ඇදහීමේ නිදහස තිබිය යුතු බව ඔහු විසින් ගොඩනැගූ ස්තම්භවල නැවත නැවතත් සඳහන් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ අපි එම සම්ප්‍රදාය ඉදිරියට රැගෙන යමින් සිටිනවා. ඉතින් කවුරුහරි ඇවිත් කියනවා නම් තමන්ගේ ආගම තියෙන්නේ අනිත් අයව විනාශ කිරීමෙන් විතරයි කියලා, එතකොට එයා ඒ ආගමට අයිති කෙනෙක් වෙන්නේ නැහැ - ඒකාන්තයෙන්ම ඒ පුද්ගලයා බුදුදහමට අයිති නැහැ. කිසිම ආගමික ස්ථානයක විනාශය දැකීමේ පදනමක් අපිට නැහැ. ඇත්ත වශයෙන්ම පෘතුගීසීන්ගේ පැමිණීමට පෙර විවිධ ප්‍රදේශවල විවිධ පාලකයන් සිටි නමුත් ඔවුන් කිසි විටෙකත් අන්‍ය ආගමික සිද්ධස්ථාන විනාශ කළේ නැහැ. ඔවුන් අන්‍ය ආගමිකයන් දිනා ගැනීමට උත්සාහ කළා.

 

අපි මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට කැප වෙලා ඉන්නේ, එහි ආගමික නිදහස සඳහා වූ විධිවිධාන ආරක්ෂා කිරීමට වගේම ආගම්වලට තවදුරටත් ඉදිරියට යාමට උපකාර කිරීමට. රජය සහ ආගම වෙන් වන්නේ කොහොමද යන්න ගැන විවිධ මත තියෙනවා. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්. නමුත් අපි විවිධ ආගම්වලට අයත් නියෝජිතයන් සිහිපත් කළ යුතුයි. එබැවින් විවිධ අමාත්‍යාංශ, අමාත්‍ය මණ්ඩල කාරක සභා සහ ඔවුන්ගේ බෞද්ධ කටයුතු, හින්දු කටයුතු, මුස්ලිම් කටයුතු සහ ක්‍රිස්තියානි කටයුතු සඳහා වන ශාඛා හරහා ඒ ඒ අයට උදව් කිරීමට අපි ඔවුන්ට ඉඩ දෙනවා. ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ සංවිධානයන් තුළ ඔබට ඔබේ උපරිම කොටස ඉටු කිරීමට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

ජේසු සමිඳාණන් වහන්සේගේ පණිවිඩය අපගේ රට තුළ රැගෙන යාමට හැකි වේවා යැයි, මම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා.

BG5.jpg
ඉන්දියානු ජාතික අපෝස්තලික නිකායෙහි (INA) ප්‍රධානී, ගරු පෝල් ටී මාරන් බිෂොප්තුමාගේ දේශනය

(ඉංග්‍රීසි බසින් කළ දේශනයෙහි සිංහල පරිවර්තනය)

ශ්‍රී ලංකා අපෝස්තලික නිකාය (ADC) පිහිටුවීම පිළිබඳව දෙවියන් වහන්සේට ස්තුති කිරීමේ යාච්ඤාවෙන් සිය කතාව ආරම්භ කළ බිෂොප්තුමා ජාතියේ නායකයින්ට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයේ ආශීර්වාදය ඉල්ලා සිටියේය.

 

මෙම අපූරු දිනයේ දී, මම කැමතියි, ඉන්දියානු ජාතික අපෝස්තලික නිකායෙහි (INA), ශ්‍රී ලංකා පරිච්ඡේදය වන, ශ්‍රී ලංකා අපෝස්තලික නිකාය පිළිබඳ වචන කිහිපයක් කතා කිරීමට. නිදහස් සභාවක් ලෙස සහ දෙවියන් වහන්සේගේ සේවකයන් ලෙස නැගී සිටීමට දැන් කාලය පැමිණිලා තිබෙනවා. 1991 සිට, බොහෝ දෙනෙකු රාජ්‍යයට ගෙන ඒම සඳහා නිර්දය ලෙස ක්‍රියා කළ නිදහස් සභාවන්ට නීතිමය බලය සහ පිටුබලය ලබා දෙන ලෙස සමිඳාණන් වහන්සේ මට උපදෙස් දෙන ලද්දේය.

 

සියලුම පිළිගත් ආගමික ආයතනවලට ඔවුන්ගේ ඇදහිල්ල තුළ ක්‍රියාත්මක වීමට ලෝකයේ රජයන් ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා දී ඇති බව අපි දන්නවා. කෙසේ නමුත් නිදහස් සභාවන්ට ද එම නිදහස සහ වරප්‍රසාද භුක්ති විඳීමට නම් නිසි සංවිධානාත්මක ව්‍යුහයක් අවශ්‍ය බව අපි විශ්වාස කරනවා. ඉන්දියානු ජාතික අපෝස්තලික නිකාය (INA) සහ ශ්‍රී ලංකා අපෝස්තලික නිකාය (ADC) මෙම ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියා කරන නමුත්, ඒවා රජය විසින් බලපත්‍රලාභී අධිකාරියක් ලෙස පිළිගත යුතුයි. බොහෝ අය දේවවචනය මත එළිදරව් කිරීම කළ නමුත් ඔවුන්ගෙන් කිහිප දෙනෙකුට රාජ්‍යය තුළ ඔවුන්ගේ ස්ථානය බලවත් කිරීමට අවශ්‍ය අධ්‍යාපනය හෝ දේවධර්මීය පිටුබලය තිබෙනවා. එවැනි අයව පුහුණු කරවා දේවගැතිවරුන් හා පූජකවරුන් ලෙස පත් කිරීමට සමිඳාණන් වහන්සේ මට ප්‍රඥාව ලබා දී, එයට  මාර්ගය ද පෙන්වා දෙන ලද්දේය. එවැනි ස්වාධීන දේශකවරුන් සහ දේවගැතිවරුන් 12,000ක් පමණ පුහුණු කරවා, පත් කරන ලෙස සමිඳාණන් වහන්සේ මට මේ වන විට උපදෙස් දී ඇත්තේය. ඉන්දියානු ජාතික අපෝස්තලික නිකාය (INA) විසින් ප්‍රාන්ත 22ක නිදහස් සභා සඳහා, නීතිමය රාමුවක් සහ රජයේ අනුමැතිය ලබා දී ඇති අතර, මෙමගින් ඔවුන්ට ලැබිය යුතු ගෞරවය සහ අධිකාරිය ලබා දී තිබෙනවා. ඔවුන් දැන් ඉන්දියානු ජාතික අපෝස්තලික නිකායෙහි  (INA) සෙවණ යටතේ ක්‍රියාත්මක වන අතර, ආරක්ෂිත සහ ගැටුම්වලින් තොර පරිසරයක වැඩ කිරීමට ඔවුන්ට දැන් හැකියාව තිබෙනවා. අපි සියලු මහිමය අපගේ සමිඳාණන් වහන්සේ වන දෙවියන් වහන්සේටත්, සියල්ල කළ හැකි උන් වහන්සේගේ පුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේටත් පුද දෙන්නෙමු. ඉන්දියානු ජාතික අපෝස්තලික නිකාය දැන් පෙරට යන ආශිර්වාදයම ශ්‍රී ලංකා අපෝස්තලික නිකාය වෙත ද ලැබේවා යැයි මම ප්‍රාර්ථනා කරනවා. ඉන්දියානු ජාතික අපෝස්තලික නිකාය (INA) සතුව දේවගැතිවරුන් සහ දේශකවරුන් සඳහා රජයේ අනුමත අධ්‍යාපන හා උපාධි වැඩසටහන් ද තිබෙනවා. මේවා ඉතා උසස් ප්‍රමිතියකින් යුක්තයි; INAD විවෘත විශ්ව විද්‍යාල සහතිකය වලංගු සුදුසුකමක් වනවා සේම නිකාය විසින් ලබා දෙන නිර්දේශ ලිපියක් පවා ඉහළ බලපෑමක් ඇති කරන්න සමත් වෙනවා.

 

INA ශ්‍රී ලංකාව සහ අනෙකුත් ජාතීන් වෙත ව්‍යාප්ත කිරීමට දායක වූ ඉතා වැදගත් පුද්ගලයින් දෙදෙනෙකු ගැන ද මම ඔබට සිහිපත් කිරීමට කැමතියි. පළමුව කණ්ඩායමක් ලෙස අපට පීඩා කරන අය; ඔවුන් අපට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් ඉදිරියට යාමට උපකාර කළා. ඔවුන් යම් දවසක පියාණන් වෙතට හැරී එන නාස්තිකාර පුත්‍රයන් හා සමානයි. මොකද අපි කරන්නේ දෙවියන් වහන්සේගේ කාර්යයක් නිසා; අපි දෙවියන් වහන්සේට සේවය කරන අතර දෙවියන් වහන්සේගේ මෙහෙවරට සහාය වීමට සිටින නාස්තිකාර පුත්‍රයන් වෙනුවෙන් අපි උන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා. අනෙක් පුද්ගලයා ශ්‍රී ලංකා අපෝස්තලික නිකායෙහි (ADC) ප්‍රධාන නියාමක ගරු ආචාර්ය කර්බි ද ලැනරෝල් දේවගැතිතුමා. ආචාර්ය කර්බි දේවගැතිතුමාට අපි ආශීර්වාද කරනවා. ඔහුගේ ජීවිතය පිළිබඳ හෙළිදරව් කිරීම ගැන සමිඳාණන් වහන්සේට ස්තූතිවන්ත වන අතර, ශ්‍රී ලංකා අපෝස්තලික නිකායෙහි කාර්යයන් සඳහා ඔහුට ආශීර්වාද කරනවා, එය කවදා හෝ INAට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපි විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙම එකමුතුවට පහසුකම් සැලසීමට සමිඳාණන් වහන්සේ යොදාගත් INAහි ජාත්‍යන්තර නියාමක ගරු ආචාර්ය ටෝනි ඒබ්‍රහම් දේවගැතිතුමාට ද අපගේ ස්තුතිය පුද කර සිටිනවා.

 

අද අපි ඔබට දෙන්න යන සහතිකය රජය පවා පිළිගන්නවා. නිදහස් සභාවන්ට දැන් එපිස්කෝපල් අධිකාරියක් ඇති අතර එමඟින් ඒවාට ව්‍යුහය ලබා දෙනවා. අපි ඔබ සැමට ජේසුස් වහන්සේගේ ඉතා බලවත් නාමයෙන් ආශීර්වාද කරන්නෙමු.

 

ගරු පෝල් ටී මාරන් බිෂොප්තුමා ප්‍රධානීත්වය දරන, ඉන්දියානු ජාතික අපෝස්තලික (INA) නිකායෙහි නිර්ණායක යටතේ නිදහස් සභා 11,500කට අධික සංඛ්‍යාවක් එපිස්කෝපල් දේවගැති අයිතිවාසිකම් සමඟ ලියාපදිංචි වී ඇති අතර, INA ජාත්‍යන්තර සිනොඩ්හි ස්නේහවන්ත පිළිගැනීම යටතේ අසල්වැසි ජාතීන් තුළ වර්ධනය වෙමින් පවතියි.

BG9.jpg

ශ්‍රී ලංකා අපෝස්තලික නිකාය (ADC) යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති

 

WAREHOUSE ව්‍යාපෘතිය

වඩා හොඳ ජීවන තත්ත්වයන් ප්‍රවර්ධනය කිරීම සඳහා වූ සමාජ සේවා ව්‍යාපෘතිය

WP_5.jpg

දළ විශ්ලේෂණය

ආචාර්ය කර්බි දේවගැතිතුමා සහ ඔහුගේ බිරිඳ ෆියෝනා විසින් 2011 වර්ෂයේ සිට ආරම්භ කරන ලද, Warehouse ව්‍යාපෘතිය, ලාභ නොලබන සංවිධානයක් වන අතර එය ප්‍රමාණවත් පරිදි වරප්‍රසාද නොලත් තාරුණ්‍යයට අධ්‍යාපනික සහ උපකාර වැඩසටහන් ලබා දීම මඟින් සමාජයට සේවය කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතියේ පරමාර්ථය වන්නේ නාගරික ප්‍රජාවගේ ගැටලු සඳහා කලාව, ව්‍යවසායකත්වය සහ ක්ෂුද්‍ර මූල්‍යකරණය හරහා නිර්මාණාත්මක විසඳුම් පහසුකම් සපයා දෙමින්, අවශ්‍යතා ඇති සියලුම දෙනාට ඔවුන්ගේ පන්තිය, ජාතිය හෝ ආගම නොසලකා සේවය කිරීමයි. ශ්‍රී ලංකා අපෝස්තලික නිකාය සිය දැක්ම සැබෑවක් කරමින්, ජාතිය තුළ සමාජ සහ ආගමික සහජීවනයේ අපේක්ෂාව මූර්තිමත් කරන Warehouse ව්‍යාපෘතිය හරහා අන්තර් ආගමික සංවාදය ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ. Warehouse ව්‍යාපෘතියෙහි කළමනාකාරීත්ව කණ්ඩායමේ ඉහළ කැපවීමෙන් යුතු සේවය, ව්‍යාපෘතියට මුලපිරීම මගින් ක්‍රියාත්මක කරන ලද සංහිඳියාවේ හදවතට ගරු කළ අනෙකුත් ආගමික සංවිධානවල නායකයින්ගේ ගෞරවයට පාත්‍ර වී ඇත. ආචාර්ය කර්බි දේවගැතිතුමාට බෞද්ධ නාහිමිවරුන් විසින් කිතුනුවන්ට කලාතුරකින් හිමිවෙන “දේශාභිමාන” නමින් ජාතික සම්මානයක් පිරිනමන ලදී.

 

ශ්‍රී ලංකාව බෞද්ධ ආගම මූලික වන ජාතියක් වන අතර, එහි සීමාවන් තුළ බොහෝ ඇදහිලි පවතී. අන්තර් ආගමික සහජීවනයේ සැබෑ අභිප්‍රාය සාක්ෂාත් කරගත හැක්කේ, එක් එක් ඇදහිල්ල අනෙකාට ගෞරවාන්විත සහ කාරුණික වීමෙන් පමණි. Warehouse ව්‍යාපෘතිය යනු, ජාතිය අතර බලාපොරොත්තුව, විශ්වාසය සහ ගෞරවය රැකෙන, සංහිඳියාවෙන් යුතු ආරක්ෂිත සහ සුරක්ෂිත පරිසරයක් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා අපෝස්තලික නිකාය විසින් ගනු ලබන බොහෝ පියවරයන්ගෙන් එකකි. මෙම වැඩසටහන අන්තර් ආගමික සංවාදය ප්‍රවර්ධනය කරමින් ආධ්‍යාත්මිකව සිදු කරන්නකි.  Warehouse ව්‍යාපෘතිය ශ්‍රී නාරද පදනමෙහි කොලොන්නාවේ නාරද ස්වාමීන්වහන්සේ සමඟ එක්ව කටයුතු කරයි.

 

පාසල් වේලාවෙන් පසු පවත්වන අධ්‍යාපනික වැඩසටහන්

 

පසුගිය වසර කිහිපය තුළ, Warehouse ව්‍යාපෘතිය බෞද්ධ විහාරස්ථානය සමඟ එක්ව කටයුතු කරමින් කොළඹ දිලිඳු සහ අසරණ දරුවන් සඳහා වන මෙම අධ්‍යාපන වැඩසටහන හරහා වඩා හොඳ ජීවන තත්ත්වයන් ප්‍රවර්ධන කිරීමේ මූලික අඩිතාලම දමමින් සිටියි. විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සලසන අතරම තොරතුරු තාක්ෂණ, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ වාග් විද්‍යාව යන ක්ෂේත්‍රවල දැනුම ලබා දීම මෙහි අරමුණයි. දැනට ළමුන් 100කට අධික සංඛ්‍යාවක් පූර්ණ පෞරුෂ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන අධ්‍යාපනික වැඩසටහන්වලින් ප්‍රතිලාභ ලබයි. කළමනාකාරීත්වය විසින් දෛනික පදනමින් පාඩම් උගන්වන, වැටුප් ලබන සහ ස්වේච්ඡා ගුරුවරුන් සේවයට බඳවාගෙන ඇත. Warehouse ව්‍යාපෘතියෙහි හදවත වනුයේ ආදරය, දයාව සහ ගෞරවනීය බව කෙරෙහි අවධානය යොමු කරන නිවැරදි අධ්‍යාපනයේ සම්මිශ්‍රණයක් තුළින් ජාතියේ තාරුණ්‍යය සමෘද්ධිමත් වීම සහ ආශිර්වාද ලත් එකක් බවට පත් කිරීමයි. වැඩසටහනෙන් ළමුන් සඳහා දිනපතා ආහාර වේලක් ද නොමිලේ ලබා දේ.

ශිෂ්‍යත්ව

තවද, Warehouse ව්‍යාපෘතිය මඟින් දිවයින පුරා සිටින දරුවන්ට ප්‍රාසංගික කලාව තුළින් අන්තර් සංස්කෘතික සන්නිවේදන කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අමතර පහසුකම් සහිත වාර්ෂික ශිෂ්‍යත්ව පිරිනමයි. දරුවන්ගේ නර්තන, නාට්‍ය සහ සෞන්දර්ය කුසලතා ජාත්‍යන්තර මට්ටමට ප්‍රවර්ධනය කිරීම මෙම  වැඩසටහන්වලින් මූලිකවම ක්‍රියාත්මක කරයි.

 

වෘත්තීය පුහුණුව සහ වෙනත් සේවා

 

Warehouse ව්‍යාපෘතිය මඟින් රැකියා අවස්ථා උදා කරලීම සඳහා වන වෘත්තීය පුහුණු වැඩසටහනක් හඳුන්වා දී ඇත. එමඟින් පාසල් හැර යන දරුවන් කොෆි ෂොප් සහ කොණ්ඩා මෝස්තර සැකසුම් වැඩසටහන් සඳහා පුහුණු කරනු ලැබේ. ඊට අමතරව ස්වයං රැකියා සහ කුඩා ව්‍යාපාරවල නියැලෙන්නන්ට සහය වීම මෙම ව්‍යාපෘතියේ අරමුණක් වන අතර අවශ්‍යතා ඇති අයට වෛද්‍ය සේවා, නීති උපදෙස් සහ නායකත්ව පුහුණුව ද ලබා දේ. Warehouse ව්‍යාපෘතිය  ළමුන් සහ වැඩිහිටියන් යන දෙපාර්ශවය සඳහාම දන්ත සායන සහ අක්ෂි සායන ද පවත්වනු ලබයි.